Monday, March 22, 2010

පොඩි පොඩි ටිප්ස්

එදිනෙදා පාවිච්චි කරන්න වෙන දේවල් සටහන් කරල තියෙන තැනක්
ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම




ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ.D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකා‍රයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන ‍පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් ‍සපයා ගන්න.ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.












සුභ පැතුම් දැන් ඔබ සතුව ඇපල් ලැප්ටොප් එකක් ඇත. කෝලං ඩීලැප්ටොප් එකක් සපයාගැනීට අපහසුනම් ඇපල් ඩෙක්ස්ටොප් එකක් මෙයාකාරයෙන්ම සාදාගගත හැක.